ශ්‍රේණිය 1 සිට 11 දක්වා · සාර්ථක ප්‍රතිඵල එක්ක ගොඩනැගුණු අපේ විශ්වාසය
හොඳම ප්‍රතිඵල සහතික කරන ගුරු මණ්ඩලයක් එක්ක ඔබේ දරුවාගේ අනාගත හීන හැබෑ කරන එකයි අපේ එකම අරමුණ.
ඔබේ දරුවාගේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු ගුරුකුල ආයතනය, ඔවුන්ගේ උපරිම හැකියාවන්ට ළඟා වෙමින් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වය කරා යන්න නිවැරදිම පාර පෙන්වනවා.
1 වසරේ සිට O/L දක්වා හැම කඩඉමක්ම ජයගන්න අවශ්‍ය දැනුම සහ කුසලතා දරුවන්ට ලබා දෙන්න ගුරුකුල අපි සූදානම්.
ඔබේ ඉගෙනීමේ අත්දැකීම ඉහළ නැංවීමට සහ අධ්‍යයනශීලී ඉලක්ක ළඟා කර ගැනීමට සූදානම්ද? ගුරුකුල ආයතනය යනු කටපාඩම් කිරීමෙන් ඔබ්බට ගිය, ප්‍රායෝගික හා ක්‍රියාකාරකම් පාදක කරගත් ඉගැන්වීම් ක්‍රමවේදයක් භාවිත කරන ප්‍රමුඛතම ආයතනයකි. පළපුරුදු සහ ප්‍රවීණ ගුරු මණ්ඩලයකගේ මඟපෙන්වීම යටතේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට තම අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගය මෙහිදී හිමිවේ.
ගුරුකුල ආයතනයේ, සෑම ශ්‍රේණියකටම, සෑම විෂයකටම, ප්‍රශිෂ්ඨ ගුරුවරුන් සහිත පන්ති ලබා ගත හැකිය. විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්œය පෙළ (O/L) විභාගය ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති සහ සම්මන්ත්‍රණ මාලාවන් ද, ඉංග්‍රීසි මාධ්‍ය (English Medium) හදාරන සිසුන් සඳහා ගණිතය සහ විද්‍යාව විෂයන්ට අදාළව විශේෂඥ ගුරුවරුන්ගේ මෙහෙයවීම් ද මෙහිදී පැවැත්වේ.
ගුරුකුල ආයතනය ආරක්ෂාකාරී පරිසරයක් සහිත, ඉගෙනීමට ගැළපෙන සුදුසු පරිසරයක් සහිත, සහ සම්පූර්ණ නිස්කලංක පරිසරයක් සහිත ආයතනයකි. දරුවාගේ අධ්‍යාපන ගමන සාර්ථකව ගෙනයාමට මෙය කදිම ස්ථානයකි.
අපගේ ඉලක්කය වන්නේ දරුවාගේ විභාග ජයග්‍රහණය පමණක් නොව, ඔවුන් තුළ යහපත් විනයක් සහ කුසලතා වර්ධනය කරමින් අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරපුරක් බිහිකිරීමයි. අද ම අප හා සම්බන්ධ වී ඉගෙනීමේ ජය ගමනේ ඊළඟ පියවර තබන්න!
ශිෂ්‍යයාගේ සාර්ථකත්වය අපේ ජය — ඒ නිසා ගුරුකුල ආයතනය ඔබේ දරුවාට හොඳම තේරීමයි
ගුරුවරුන් සහ දරුවන් අතර කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරමින්, ගැටලු එවලේම විසඳාගන්න පුළුවන් වටපිටාවක් අපි හදලා තියෙනවා. අපිට කිසිම දරුවෙක් තවත් එක් ළමයෙක් විතරක් නෙවෙයි, සෑම දරුවෙක් ගැනම අපි පෞද්ගලිකව අවධානය යොමු කරනවා.
Physical · Yatiyenaශ්‍රේණිය 1–11 දක්වා ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, ඉතිහාසය, ICT, දෙමළ, වාණිජ, සංගීතය, නර්තනය, චිත්‍ර, Zumba — ඕනෑම විෂයකට දක්ෂ ගුරුවරයෙකු සිටී.
12+ SubjectsPast Papers සහ Model Papers මඟින් දරුවන්ට විභාගයට මනා පෙරහුරුවක් ලබා දෙනවා. A/B සාමාර්ථ ඉලක්ක කරගෙන උගන්වන නිසා ගුරුකුලයට එන හැම දරුවෙක්ම O/L විභාගය ඉතා සාර්ථකව ජයගන්නවා.
100% Pass Rateඅජිත් කුලරත්න සර් සහ නිලන්ත රත්නවීර සර් එක්ක ළමයින්ගේ මනස තේරුම් අරන්, ඔවුන්ට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදියට ශිෂ්‍යත්ව විභාගයට විශේෂ පුහුණුවක් ලබා දෙනවා.
Grades 4 & 5 · FridaysGrade 6–11 English Medium Maths — Mohamed Fazeem sir (BSc. Eng. Peradeniya) සහ Sarani Balasooriya miss (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම). සිංහල මාධ්‍ය ශිෂ්‍යයන්ටත් සම්බන්ධ විය හැකිය.
🇬🇧 English Mediumසංගීතය, නර්තනය, චිත්‍ර, Zumba — ශ්‍රේණිය 6+ සිසුන් සඳහා. දරුවාගේ ශාරීරික, මානසික සහ නිර්මාණශීලී වර්ධනය සඳහා.
Music · Dance · Art · Zumbaප්‍රදේශයේ විශිෂ්ටතම ගුරු මණ්ඩලය
විෂය අනුව ගුරුවරුන් තෝරාගන්න
ඔබේ ශ්‍රේණිය තෝරා පන්ති වේලාවන් සොයාගන්න
Grade 6 to 11 (Mohamed Fazeem | Sarani Balasooriya)
අපේ ආයතනයේ සුවිශේෂී අවස්ථා
අපේ ශිෂ්‍යයන් කියන දේ
ගුරුකුල ආයතනය මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි. විශේෂයෙන්ම නලින් සර්ගේ ගණිතය පන්තිය නිසා මට ගණනට තිබුණ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. සර් උගන්වන විදිය, හැමතිස්සෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක වගේ දේවල් නිසා විෂය ගැන හොඳ අවබෝධයක් ලැබුණා. 9 වසරේ ඉඳන් පන්තියට ආපු නිසා මම O/L ගණිතයට 'A' එකක් ගත්තා. විද්‍යා අංශයෙන් A/L කරන්න මට ලොකු හයියක් වුණේ මේ ආයතනය තමයි.
5 වසරේ ශිෂ්‍යත්ව පන්තිය නම් ඇත්තටම නියමයි! අජිත් සර් සහ නිලන්ත සර් දරුවන්ට උගන්වන්නේ හරිම ආදරෙන්. ළමයින්ට කම්මැලි නැති වෙන්න, ආස හිතෙන විදියට ක්‍රියාකාරකම් එක්ක පාඩම් කියා දෙන නිසා ළමයි පන්තියට යන්න හරිම උනන්දුයි. මගේ දරුවාගේ ලකුණුත් ගොඩක් වැඩි වුණා විතරක් නෙවෙයි, විභාගයත් ඉහළින්ම පාස් වුණා.
මම සහභාගි වුණේ මොහොමඩ් සර්ගේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය පන්තියටයි. සාමාන්‍යයෙන් සිංහල මාධ්‍ය පාසලක සිට පැමිණෙන දරුවෙකුට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය හැදෑරීම තරමක් අපහසු කාර්යයක් වුණත්, මොහොමඩ් සර් විෂය කරුණු ඉතාමත් සරලව සහ පැහැදිලිව ඉංග්‍රීසි භාෂාවෙන් කියා දෙන නිසා කිසිම අපහසුවක් දැනුණේ නැහැ. අමාරු විෂය කොටස් පවා ප්‍රායෝගිකව සහ දෘශ්‍ය මාධ්‍ය ඇසුරින් සර් පැහැදිලි කරන ආකාරය විශිෂ්ටයි. මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමටත්, උසස් පෙළ සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමටත් මට හැකි වුණා.
සදාමාලි මිස්ගේ ඉංග්‍රීසි පන්තිය නම් සුපිරියි. මිස් උගන්වන්නේ හරිම වෙනස් විදියකට. Grammar, රචනා ලියන එක වගේම කතා කරන පුහුණුවත් පන්තියෙදිම දෙනවා. කලින් මට ඉංග්‍රීසි ගැන ලොකු බයක් තිබුණත් දැන් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා. O/L ඉංග්‍රීසි වලට 'A' එකක් ගන්න මට පුළුවන් වුණේ මිස්ගේ මහන්සිය නිසයි.
මම ICT කළේ සනෝද්‍යා මිස්ගේ පන්තියේ. මිස් තියරි විතරක් නෙවෙයි, Practical වලටත් මුල් තැන දෙනවා. විභාග ප්‍රශ්න එන විදියයි, ඒවාට උත්තර ලියන ලේසිම ක්‍රමයි කියලා දෙන නිසා මට විභාගයේදී ඒක ලොකු උදව්වක් වුණා. මට ICT වලට 'A' එකක් ආවේ මිස්ගේ ඒ නියම මඟපෙන්වීම නිසයි.
සමීර සර්ගේ සිංහල පන්තියට මම හරිම ආසයි. සර් සාහිත්‍යයයි, ව්‍යාකරණයි කියලා දෙන්නේ හරිම රසවත්ව. කලින් සිංහල වලට වැඩිය ආස නැති වුණත් දැන් මට සිංහල කියන්නේ ආසම විෂයක්. O/L විභාගයෙන් සිංහල වලට 'A' එකක් ගන්න මට පුළුවන් වුණේ සර්ගේ පන්තිය නිසයි.
මම ගුරුකුල ගැන දැනගත්තේ යාළුවෙක්ගෙන්. මුලින් නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒත් පන්තියට ගියාට පස්සේ මම ඇත්තටම පුදුම වුණා. නලින් සර්ගේ ගණිතය පන්තියේදී ළමයින්ට තේරෙනකම්ම පාඩම කියලා දෙනවා. හැම ළමයෙක් ගැනම වෙන වෙනම හොයලා බලන නිසා ඕනෑම කෙනෙකුට විභාගය ගොඩ දාගන්න පුළුවන්.
ඔබේ ප්‍රශ්නයට පිළිතුර
පහත පෝරමය පුරවා අපවෙත එවන්න
ඕනෑම ප්‍රශ්නයකට, ලියාපදිංචියකට
යටියන · ශ්‍රේණිය 1 සිට 11 දක්වා
077 688 9949ශ්‍රේණිය, විෂය සහ ශිෂ්‍යයාගේ නම සමඟ කතා කරන්න
Maths — Grade 6 to 11
Mohamed Fazeem |
Sarani Balasooriya